පානීය ජල ගැටලුව සඳහා හික්කඩුව නගර සභාවේ ජල බවුසරය යොදාගෙන පානීය ජලය බෙදාදීමේ කටයුතු පසුගිය දින කිහිපයේදී ඉටු කෙරිණී.

කටුකොළිය තිරාණගම පටුවත කොට්ඨාස වල මේ දිනවල පවතින පානීය ජල ගැටලුවට පිළියමක් වශයෙන් හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතාගේ උපදෙස් මත එම ප්රදේශවල ස්ථාන කිහිපයක ජල ටැංකි තබා හික්කඩුව නගර සභාවේ ජල බවුසරය යොදාගෙන පානීය ජලය බෙදාදීමේ කටයුතු සති දෙකක පමණ කාලයක සිට සිදු කරන ලද අතර, එකී ජල ගැටලුවට කඩිනමින් ස්ථිර විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය ඇතුලු අදාළ ආයතන වෙත දැනුම් දී ඇත.