ජිනසාර මාවතේ අවහිර වූ කාණු පද්ධති පිළිසකර කර අලුත්වැඩියා කටයුතු ඉටු කිරීම
නාගරික මන්ත්‍රී ධනුෂ්ක දිල්හාන් මහතාගේ ඉල්ලීමකට අනුව හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතාගේ උපදෙස් පරිදි මාර්ග අංශයේ සේවකයන් විසින් ජිනසාර මාවතෙ අවහිර වූ කාණු පද්ධති පිළිසකර කිරීම, අනතුරුදායක ගස් අතු කපා ඉවත් කර මාර්ග දෙපස පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුකරන ලදී.