හික්කඩුව නගර සභාවට අයත් ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස පැවති පොදු ළිං මහජනතාවට භාවිතකල හැකි පරිදි අලුත් වැඩියා කෙරේ.
මේ දිනවල පවතින උග්‍ර ජල හිඟයට විසඳුමක් වශයෙන් නාගරික මන්ත්‍රී සිරිල් ගොඩගේ මහතාගේ ඉල්ලීම පරිදි කටුකොළිය කොට්ඨාසයේ කලක් තිස්සේ ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස වල් වැදී තිබුණු වනරතන මාවතේ පොදු ළිඳ සහ හෙන්නාතොට ප්‍රදේශයේ පොදු ළිඳ මහජනතාවට පරිභෝජනය කළ හැකි ආකාරයට මාර්ග අංශයේ සේවකයන් විසින් පිරිසිදු කරන ලදී.