දීර්ඝ කාලයක් තිස්සේ විදුලි පහන් නොමැතිව පැවති පටුවත දොම්පල වත්ත මාර්ගයේ ආලෝක කිරිම් කටයුතු ඉටුකිරීම පසු ගිය දිනක දී ඉටුවිය.

රුහුණු සංචාරක කාර්යංශයේ ප්‍රතිපාදනයක් මත ලැබූ සෝලා වීදි පහන් සවිකර දීර්ඝ කාලයක් තිස්සේ විදුලි පහන් නොමැතිව රාත්‍රී කාලයේදී දැඩි අඳුරු ස්වභාවයක් පැවැති පටුවත දොම්පගල වත්ත මාර්ගයේ රාත්‍රී ආලෝකමත් කිරීම විදුලි අංශයේ සේවකයන් විසින් සිදු කරන ලදී.